ඉඹුල්පෙ ප්‍රාදේශීය සභාවේ කාර්යමණ්ඩලයේ සුහදත්වය හා ක්‍රීඩාශීලීත්වය වර්ධනය කිරීමේ අරමුණින් ප්‍රථමවරට සංවිධානය කල ක්‍රිකට් තරඟාවලිය පසුගියදා ඉඹුල්පේ ශාරිපුත්‍ර විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි

තරඟාවලිය සාර්ථක කර ගැනීමට නන් අයුරින් සහයෝගය දැක්වූ සියලු දෙනාට හෘදයාංගම ස්තූතිය…..

මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන

2023.12.07 දින හෙල්දි ලංකා ආයතනය විසින් ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ කාර්‍ය මණ්ඩලය වෙත පැවැත් වූ මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහන…..

2024 වර්ෂයේ අයවැය කෙටුම්පත් සඳහා යෝජනා ලබා ගැනීම.

ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ 2024 වර්ෂයට අදාලව වාර්ෂික අයවැය කෙටුම්පත් කිරීම සදහා මහජන අදහස් හා යෝජනා ඉදිරිපත් කළ හැක.

ඔබගේ වටිනා අදහස් හා යෝජනා 2023.12.10 වන දිනට පෙර අපගේ වෙබ් අඩවිය http://www.Imbulpe.ps.gov.lk හරහා හෝ ලේකම්, ඉඹුල්පේ ප්‍රාදේශීය සභාව, මොරහැල යන ලිපිනය හරහා යොමු කළ හැකි බව කාරුණිකව දන්වා සිටිමු.

2024 වර්ෂය සදහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරිම

2024 වර්ෂය සඳහා ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවට ද්‍රව්‍ය සැපයීම හා සේවාවන් ඉටුකිරීම  සඳහා සුදුසුකම්ලත් ආයතන හෝ පුද්ගලයින්ගෙන් 2023.10.27 දින සිට 2023.12.29 දින දක්වා අයදුම්පත් කැඳවනු ලැබේ.

අයදුම්පත්, කොන්දේසි හා වැඩි විස්තර :

ලේකම් හා බලතල, කාර්ය කර්තව්‍ය ක්‍රියාත්මක කිරිමේ නිළධාරි,

ඉඹුල්පේ ප්‍රාදේශීය සභාව,

මොරහැල, බලංගොඩ

යන ලිපිනයට 9” X 4” ප්‍රමාණයේ ලිපිනයැති මුද්දර කවරයක් එවීමෙන් මෙම ආයතනයට පැමිණිමෙන් හෝ www.Imbulpe.ps.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකිවේ. නියමිත ලියාපදිංචි ගාස්තු කාර්යාලයට මුදලින් ගෙවා හෝ ලේකම් ඉඹුල්පේ ප්‍රාදේශීය සභාව නමින් ලියන ලද චෙක්පත් හෝ මුදල් ඇනවුම් මඟින් සම්පුර්ණ කරන ලද අයදුම්පත් 2023 දෙසැම්බර් 29 වන දින ප.ව 2.30 ට හෝ  ඊට පෙර ගෙනවිත් භාරදීම හෝ ඉහත ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය.

වැඩි විස්තර කාර්යාල වේලාවන් තුලදී 045-2287361 දුරකථන අංකයෙන් විමසා දැන ගත හැකිය.

දිනය – 2023/10/27

ඩී.ඒ.සී.රෝහිණී දසනායක ,

ලේකම් හා බලතල කාර්ය කර්තව්‍ය

ක්‍රියාත්මක කිරීමේ නිලධාරී,

ඉඹුල්පේ ප්‍රාදේශීය සභාව.

2023 ජාතික කියවීම් ම‍ාසය වෙනුවෙන් කියවීම් කඳවුර

2023 ජාතික කියවීම් ම‍ාසය වෙනුවෙන් ර/හිටුවල ධර්මසේන විද්‍යාලයේදි ර/තෝරවෙල කන්ද විද්‍යාලය හා ර/මද්දේගම සිරි පියරතන විද්‍යාලය සහභාගිත්වයෙන් පැවති කියවීම් කඳවුර ර/හිටුවල ධර්මසේන විද්‍යාලයේදි ගුරු උපදේශක පී.එම්.පී බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.

ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ නිළ වෙබ් අඩවිය ආරම්භ වූ වගයි

ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ නිළ වෙබ් අඩවිය මුදා හැරීම 2023 සැප්තැම්බර් මස 01 වන දින ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්‍යාලයේදී ලේකම්තුමිය වන ඩී.ඒ.සී.ආර්. දසනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.

මහජනතාවට imbulpe.ps.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ සේවාවන් ඇතුළු තොරතුරු දැනගැනීමටත් සේවා සදහා අයදුම්පත් බාගත කර ගැනීමටත් හැකියාව ලබා දී ඇති අතර මහජන පැමිණිලි හා යෝජනා යොමු කිරීමටද පහසුකම් සලසා ඇත.

ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ නව නැණැසල මධ්‍යස්ථානය විවෘත වු වගයි

2015-03-17 දින ඉඹුල්පේ ප්‍රාදේශීය සභාව මගින් අභිනවයෙන් ඉදිකරන ලද නැණසල ආයතනය ජනතා අයිතියට පත්කිරීමේ උත්සවය සබරගමු පළාත් මහඇමති ගරු මහීපාල හේරත් මැතිතුමා ඇතුළු ගරු සම්භාවනීය අමුත්තන්ගේ හා ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති ඩී.ආර්.ඉන්දු ගුණතිලක මැතිතුමා ඇතුළු ප්‍රාදේශීය සභාවේ ගරු මන්ත්‍රී තුමන්ලා, ලේකම්තුමිය ඇතුළු කාර්ය මණ්ඩලය, ප්‍රදේශයේ පාසැල් දරුවන් , ගුරුභවතුන්, දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි විය.